Monday, 09 December 2019
සොරාගත් ට්විටර් මුරපද විකුණයි

සොරාගත් ට්විටර් මුරපද විකුණයි

ට්විටර් පරිශීලක නාම, ඊමේල් ලිපින සහ මුරපද මිලියන 32කට අධික ප්‍රමාණයක් විකිණීමට තබා ඇති බව වාර්තා වේ.

Tessa88 යන නමින් ඉදිරිපත් වන පරිගණක දත්ත සොරෙකු විසින් මෙම ලැයිස්තුව බිට්කොයින් 10 ( පවුම් 4000) කට විකිණීමට පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් මෙම ලැයිස්තුව නිවැරදිද යන්න හෝ එය සකස් කළ අන්දම මෙතෙක් හෙළි වී නැත.

ඇතැම් වාර්තා සඳහන් කරන්නේ malware වැඩසටහනක් හරහා ගිණුම් හිමියන්ගෙන් මෙම දත්ත ලබාගෙන ඇති බවයි.

මේ අතර ට්විටර් සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම දත්ත අනිවාර්යයෙන්ම ඔවුන්ගේ පද්ධතියට ඇතුල් වීමෙන් ලබාගෙන නැති බවත් ඒවා ගිණුම් හිමියන්ගෙන් ලබාගෙන ඇති බවත් පවසා තිබේ.

Last modified on Monday, 13 June 2016 07:46