Saturday, 17 November 2018
'2016 ෆියුචර් මයින්ඩ්ස්' එළිදකියි

'2016 ෆියුචර් මයින්ඩ්ස්' එළිදකියි

”ෆියුචර් මයින්ඞ්ස්” උසස් අධ්‍යාපනික සහ වෘත්තීය ප්‍රදර්ශනය 2016 වසරේ නිල වශයෙන් එළිදැක්වීම, කොළඹ සිනමන් ග්‍රරෑන්ඞ් පරිශ්‍රයේ දී ඊයේ (30) සිදුකෙරුණි.

දෙස් විදෙස් උසස් අධ්‍යාපනික සහ වෘත්තීය ක්ෂේත්‍රයේ නිමවළලූ පුළුල් කරමින් පුරා දශකයක් ශ්‍රී ලාංකේය සිසු පරපුර වෙනුවෙන් සිදු කළ මගපෙන්වීම තවදුරටත් ඉදිරියට ගෙනයන තවත් අලූත් දශකයක ආරම්භය සනිටුහන් කරමින් එළිදැක්වෙන 2016 ප්‍රදර්ශන මාලාව කොළඹ බණ්ඩාරනායක පරිශ්‍රයේ ලබන ජුනි 17 සිට 19 දක්වා පැවැත් වේ.

ඉන් අනතුරුව කන්ද උඩරට මහනුවර සිටි සෙන්ටර් පරිශ්‍රයේදී ජුනි මස 25 සහ 26 දිනවල පැවැත්වීමට ද තෙවැනි හා අවසන් ප්‍රදර්ශනය ගාලූ නගර ශාලාවේදී සැප්තැම්බර් 03 සහ 04 දිනවල පැවැත්වීමට නියමිතය.

මෙවරත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අයට වඩාත් සුදුසු සහ සොයන ආකාරයේ විසඳුම් ලබාදීමට, 150 කට අධික දෙස් විදෙස් උසස් අධ්‍යාපන ආයතන සංඛ්‍යාවක් මීට සහභාගී වීමට නියමිතය.

මෙම ආයතන අතර එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, මලයාසියාව, නවසීලන්තය, රුසියාව, චීනය සහ ඉන්දියාව නියොජනය කෙරෙන විදෙස් විශ්වවිද්‍යාල සහ ඒවායෙහි නිල දේශීය නියොජිත ආයතන රැසක් වේ.

නොකඩවා වසර දහයක කාලයක් උසස් අධ්‍යාපන සහ වෘත්තීය ප්‍රදර්ශනයක් ලෙස ජනතාව අතර පැහැදිලි විශ්වාසයක් දිනාගැනීමට ලැබීම ”ෆියුචර් මයින්ඞ්ස්” ලැබූ විශිෂ්ට ජයග්‍රහනයක් වන අතර නව යුගයක් අරඹමින් වඩාත් පුළුල් සහ විශ්වසනීය සේවයක් ලබාදීමට ඔවුහු ඇප*කැප වෙති.

මෙම ප්‍රදර්ශනය තුළින් සිසුදරුවන් හට රැකියා අවස්ථා ලබාදීමට වඩා සිය වෘත්තීමය තත්ත්වය ඉහළ නංවාගැනීමට අවශ්‍ය අධ්‍යාපනික පසුබිම සකස් කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත.

ප්‍රදර්ශනයට සමගාමීව උසස් අධ්‍යාපන අවස්ථා සහ වෘත්තීය සැලසුම්කරණය පිලිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශන සහ වෘත්තීය උපදේශන සැසි පැවැත්වීමට ”ෆියුචර් මයින්ඞ්ස්” සූදානම් කර ඇති අතර එසේම ”ටැලන්ට් ටෑන්ක්” තරග අවස්ථා තුළින් වර්තමාන සිසු පරපුරෙහි භාෂා සහ තොරතුරු තාක්ෂණ හැකියාවන් එළිදැක්වීමට මංපෙත් විවර කර ඇත.

FutureM1 600px 16 03 31

Last modified on Friday, 01 April 2016 09:02