Wednesday, 27 May 2020
ට්විටර් ට දස වසරයි!

ට්විටර් ට දස වසරයි!

ඉතා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් වන ට්විටර් අදට (21) වසර 10ක් සපුරයි.

Twitter1 600px 16 03 21

ජැක් ඩෝර්සි, එවන් විලියම්ස්, බිස් ස්ටෝන් සහ නෝවා ග්ලාස් විසින් නිර්මාණය කරන ලද එය පළමු ට්වීට් පණිවිඩය නිකුත් කර ඇත්තේ 2006 වසරේ මාර්තු මස 21 වනදා දහවල් 12.50ටයි.

පහත දැක්වෙන්නේ එම ට්වීට් පණිවිඩයයි.

Twitter2 600px 16 03 21

මේ වනවිට ඉහළ ජනප්‍රියත්වයක් දිනාගෙන ඇති ට්විටර් වෙබ් අඩවිය ලොව ජනප්‍රිය පුද්ගලයින් මෙන්ම සාමාන්‍ය වැසියන්ද සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා සහ නවතම පුවත් දැනගැනීම සඳහා බහුල ලෙස භාවිතා කරයි.

එය සතු සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 320ක් වන අතර එයට දිනකට එක්වන ට්වීට් පණිවිඩ සංඛ්‍යාව මිලියන 500ක් පමණ වේ.

Last modified on Tuesday, 22 March 2016 08:58